← Back to team overview

ubuntu-l10n-si team mailing list archive

ඉංග්‍රීසි සිංහල වදන් එකතුව

 

ආයුබෝවන්,

උබුන්ටු සිංහලයට පරිවර්තනය කිරීමේදී ඇති ප්‍රධාන ගැටළුවක් වන්නේ බොහෝ
ඉංග්‍රීසි වදන් වලට අනුරූප සිංහල වදන් නොමැති වීමයි. එමෙන්ම එකම ඉංග්‍රීසි
වදන සඳහා පරිවර්තනයේදී විවිධ තැන් වලදී වෙනස් සිංහල වදන් යොදා තිබීමත්
විශාල ගැටළුවක්.

මෙයට පිළියමක් ලෙස ඉංග්‍රීසි-සිංහල වදන් එකතුවක් සෑදීම යෝග්‍ය වේ. එහි
ආරම්භක පියවරක් ලෙස පහත සබැඳියෙන් දැක්වෙන වදන් එකතුව සැදීමට පියවර ගැණිනි.
(මෙහි තවමත් නිසිපරිදි වදන් ඇතුලත් කර නැත.)

http://spreadsheets.google.com/pub?key=tIvWxmy3IgcOFIzwxiFTyLQ&single=true&gid=0&output=html

මෙහි සංස්කාරකයෙක් ලෙස ඔබට එකතු කිරීමට ඔබේ email ලිපිනය එවන්න.

මෙම වදන් එකතුව සෑදීමේදී මූලික වශයෙන්ම උබුන්ටු පරිවර්තනයේදී අවශ්‍ය වන
වදන් වලට මුල් තැන දිය යුතුය. (එදිනෙදා භාවිත වදන් පරිවර්තනයේදී අවශ්‍ය වේ
නම් පමණක් එකතු කල යුතුය.)

මෙම වදන් එකතුව සංස්කරණය කිරීමේදී අනුගමනය කිරීමට,
#සිංහල වදනක් නොදන්නා වුවත් ඉංග්‍රීසි වදන් එක් කරන්න.
#දැනටමත් සිංහල වදනක් ඇති එකකට තවත් වදනක් යෝජනා කිරීමට එය එම තීරයේම(row)
ඊළඟට හිස් ඇති පේළියේ(column) එය ලියන්න.(එනම් තුන්වන පේළියේ සිට ඇති
පේළිවල)
#එලෙස එකම ඉංග්‍රීසි වචනයකට සිංහල වදන් කීපයක් ඇති විය වඩාත්ම සුදුසු වදන
දෙවන පේළියට දමන්න.
#දැනට සිංහල වදන් නොමැති ඒවාට හැකිනම් සිංහල වචනයක්/කණ්ඩයක් නිර්මාණය කර
එකතු කරන්න. (ඒ සඳහා මේ පිවුට බලන්න:
http://trueorcrazy.blogspot.com/2009/08/word-production.html )

ඔබට වදන් එකතුව සම්බන්ධයෙන් එකතු කිරීමක් හෝ ගැටළුවක් ඇත්නම් කියන්න.

ස්තූතියි,
ජීවන්ත ලේකම්වසම්.

ප.ලි.: එදිනෙදා හා විවිධ ක්ෂේත්‍ර වල භාවිත වදන් සඳහා පහත සබැඳිය භාවිතා
කරන්න.
http://spreadsheets.google.com/pub?key=tpTJV8iGd6i4HC_jEMX-
VkQ&single=true&gid=0&output=html
-- 
This message was sent from Launchpad by the user
=?utf-8?b?4Lai4LeT4LeA4Lax4LeK4LatIOC2veC3muC2muC2uOC3iuC3gOC3g+C2uA==?=
 =?utf-8?b?4LeK?= (https://launchpad.net/~trueorcrazy)
using =?utf-8?b?dGhlICJDb250YWN0IHRoaXMgdGVhbSIgbGluayBvbiB0aGUg4LaL4La24LeU?=
=?utf-8?b?4Lax4LeK4Lan4LeUIOC3g+C3kuC2guC3hOC2vSDgtrTgtrvgt5Lgt4Dgtrs=?=
=?utf-8?b?4LeK4Lat4Laa4La64LedIC0gVWJ1bnR1IFNpbmhhbGEgVHJhbnNsYXRvcnMg?=
=?utf-8?q?team_page?=.
For more information see
https://help.launchpad.net/YourAccount/ContactingPeople