← Back to team overview

ubuntu-l10n-si team mailing list archive

Re: සියලුදෙනාගෙම අදහස් අවශ්‍යයි!

 

ආයුබෝවන්,

අළුත් සාමාජිකයින් බඳවා ගන්න ආකාරය වෙනස් කරන්න ඕනෙද කියල ඇහුවෙ සමහරු තමන්ගෙ
නම, e-mail, දුරකතන අංකය වගේ දේවල් දෙන්න කැමති නැති හින්දයි. [?] ඇත්තටම මේවා
මම ගන්න හිතුවෙත් අපි කට්ටිය හොඳින් අඳුරගන්න ඕනෙ කියල හිතපු හින්දයි. ඒ වගේම
චානක කිව්ව වගේ පස්සෙ දවසක කට්ටියම හම්බවෙන හමුවක් ගන්නත් හිතේ තිබ්බ හින්දයි.

තව පොඩ්ඩෙන් අමතක වෙනවා. දැනට මේකෙ සාමාජිකයින්ගෙ විස්තර තියෙන්නෙ මං ගාව
විතරයි. ඒවා සමූහයේ සාමාජිකයින් හැමෝම දැනගන්න ඕනෙ නේද? [?] ඒවා සමූහයේ
සාමාජිකයින්ට විතරක් බලාගන්න පුළුවන් වෙන විධියට(නැත්නම් වෙන පෞද්ගලිකත්ව
ප්‍රශ්න එන්න පුළුවන් හින්දා) දාන්න විධියක් යෝජනා කරන්න පුළුවන්ද? google
docs-spreadsheets පාවිච්චි කලොත් කොහොමද?

ඒ වගේමයි සමහර විට චානකයි, සුපුනුයි දන්නෙ නැතුව ඇති(සමහරවිට දන්නවත් ඇති) මේ
සමූහය අක්‍රීය තත්වයක තිබිල නැවත සක්‍රීය කලේ මීට මාස එකහමාරකට විතර කලින්. ඒ
වෙලාවෙ මේ සමූහය ප්‍රතිපිහිටුවන්න කටයුතු කරපු හින්දා හිටපු සාමාජිකයින් හැමෝම
ඉවත්කරලා නැවත සම්බන්ධවෙන්න කටයුතු කලා. සමූහය විසුරුවනකොට සාමාජිකයින් 15ක්
විතර හිටියට අළුතින් සම්බන්ධ වුනු අයත් එක්ක දැන් ඉන්නෙ 5 දෙනයි. මට හිතෙනවා
මෙතනින් සමහර අය නැවත සම්බන්ධ නොවෙන්න තමන්ගෙ නම, e-mail, දුරකතන අංකය වගේ
දේවල් ඉල්ලපු එකත් හේතු වෙන්න ඇති කියලා. ඒකයි මම මේක වෙනස් කරන්න ඕනෙද කියල
ඇහුවේ.

ඒ වගේමයි මට හිතෙනවා මේ සමූහයට උබුන්ටු ගැන තාක්ෂණික අතින් හොඳ දැනුමක් තියෙන
අය හිටියොත් ගොඩක් හොඳයි කියල. මොකද පරිවර්තන වැඩේදීත් අපිට තාක්ෂණික ගැටළු වලට
මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම නිල පරිවර්තන සමූහයක් විධියට පරිවර්තනය කරනවාට අමතරව
කල යුතු පොඩි පොඩි තාක්ෂණික වැඩ කීපයකුත් තියෙනවා. ඒ හින්දා උබුන්ටු ගැන
තාක්ෂණික අතින් හොඳ දැනුමක්, පලපුරුද්දක් (උබුන්ටු development ක්‍රියාවලිය
සම්බන්ධව දැනුමක් තියෙනවා නම් වඩාත් හොඳයි) තියෙන අය සමූහයේ ඉඳීම වැදගත්. මමත්
තාක්ෂණික දේවල් ගැන දන්නෙ බොහොම ටිකයි. ඒ හින්දා එහෙම අය දන්නවා නම් දැන්මම
දැනුවත් කිරීමක් කරන්න.

ඒ වගේමයි සිංහල ගැන හොඳ දැනුමක් තියෙන අයත් ඉඳීම වැදගත්. මොකද අපේ සිංහල වලත්
ගොඩක් අඩුපාඩු තියෙනවා. හොඳ සිංහල ගුරුවරයෙක් හෝ වෘත්තීමය සිංහල පරිවර්තකයෙක්
සම්බන්ධ කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. අපිට තියෙන ප්‍රධානම ගැටළුව තමයි
නිවැරදි සිංහල වියරණ හා තාක්ෂණික වචන වලට තියෙන සිංහල වචන නොදන්නා කම. වචන නම්
ගොඩක් වෙලාවට සිංහල ඒවා නෑ; අපිටම හදන්න තමයි වෙන්නේ, මේ වගේ වෙලාවට හොඳ සිංහල
උගතෙක් හිටියනං මල් හතයි! මං පුළුවන් උනොත් අපේ කැම්පස් එකේ සිංහල අංශයත් එක්ක
කතා කරලා මේ ගැන උදව්වක් ගන්න බලන්නම්; ලොකු ෂුවර් එකක් දෙන්න අමාරුයි. ඒ
හින්දා ඔයාලත් බලන්න. මොකද අපි අමතක කරන්න හොඳ නෑ මේ වගේ වැඩකදි අපි කරන පොඩි
වැරැද්දක් උනත් අපේ භාෂාවට වදින මරු පහරක් කියලා!!!

අපිට අපේ බ්ලොග්, facebook, වෙබ් අඩවි හා e-mail මගින් මේ වැඩේ ගැන පොඩි පොඩි
දැනුවත් කිරීම් කරන්න පුළුවන් නේද? මොකද මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්න කැමති ඒත්
මේවා ගැන දන්නෙ නැති අයත් ඉන්න පුළුවන්නේ! ඒ වගේමයි සුපුන් කිව්වා වගේ අපේ
යාළුවන්වත් ඒ මගින් ඒ අයගෙ යාළුවන්වත් දැනුවත් කරන එකත් වටිනවා.

චානක "හමුවක්" ගැන අදහසක් මතුකරපු එකේ ඒ ගැනත් කතා කරමුද? ඒකට අලුතින් mail
එකක් එවන්නද?

ජය,
ජීවන්ත ලේකම්වසම්

ප.ලි.

ඒක නෙවෙයි, "පරිවර්තන මගපෙන්වීම්" ලේඛනයේ අලුතින් දාපු c codes පරිවර්තනය
කරද්දී placeholders තියන්න ඕනෙ හරි විධිය දැක්කද? මෙච්චර කාලයක් කරපු විධිය
වැරදියි වගේ. [?] බලාගෙන යද්දි දැනට කරල තියෙන ඒවා බහුතරයක් ආයෙ හරියට හදන්න
වෙයි! [?]
(
https://wiki.ubuntu.com/SinhalaTranslation#6.%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%20%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%20%E0%B7%80%E0%B7%92%E0%B6%BA%20%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%20%E0%B6%AF%E0%B7%91)

තව දෙයක්, අපේ වචන එකතුව හදන්නත් ඕනෙ. ඔන්න ඒකත් මතක් කලා. (මම මෙහෙම කිව්වට
මටත් ඒකට මොකවත් ලියන්න බැරි උනා! [?])
(
http://spreadsheets.google.com/pub?key=tIvWxmy3IgcOFIzwxiFTyLQ&single=true&gid=0&output=html)

GIF image

GIF image

GIF image

GIF image

GIF image


Follow ups

References