← Back to team overview

ubuntu-l10n-si team mailing list archive

Re: සියලුදෙනාගෙම අදහස් අවශ්‍යයි!

 

2010/3/29 Jeewantha Lekamwasam <trueorcrazy@xxxxxxxxx>

> ආයුබෝවන්,
>
> අළුත් සාමාජිකයින් බඳවා ගන්න ආකාරය වෙනස් කරන්න ඕනෙද කියල ඇහුවෙ සමහරු තමන්ගෙ
> නම, e-mail, දුරකතන අංකය වගේ දේවල් දෙන්න කැමති නැති හින්දයි. [?] ඇත්තටම මේවා
> මම ගන්න හිතුවෙත් අපි කට්ටිය හොඳින් අඳුරගන්න ඕනෙ කියල හිතපු හින්දයි. ඒ වගේම
> චානක කිව්ව වගේ පස්සෙ දවසක කට්ටියම හම්බවෙන හමුවක් ගන්නත් හිතේ තිබ්බ හින්දයි.
>

අනිවාර්ය කරන්නේ නැතිව කැමති අයට විතරක් දෙන්න කීව නං හරි.


> තව පොඩ්ඩෙන් අමතක වෙනවා. දැනට මේකෙ සාමාජිකයින්ගෙ විස්තර තියෙන්නෙ මං ගාව
> විතරයි. ඒවා සමූහයේ සාමාජිකයින් හැමෝම දැනගන්න ඕනෙ නේද? [?] ඒවා සමූහයේ
> සාමාජිකයින්ට විතරක් බලාගන්න පුළුවන් වෙන විධියට(නැත්නම් වෙන පෞද්ගලිකත්ව
> ප්‍රශ්න එන්න පුළුවන් හින්දා) දාන්න විධියක් යෝජනා කරන්න පුළුවන්ද? google
> docs-spreadsheets පාවිච්චි කලොත් කොහොමද?
>

ඒක හොඳයි.


> ඒ වගේමයි සමහර විට චානකයි, සුපුනුයි දන්නෙ නැතුව ඇති(සමහරවිට දන්නවත් ඇති) මේ
> සමූහය අක්‍රීය තත්වයක තිබිල නැවත සක්‍රීය කලේ මීට මාස එකහමාරකට විතර කලින්. ඒ
> වෙලාවෙ මේ සමූහය ප්‍රතිපිහිටුවන්න කටයුතු කරපු හින්දා හිටපු සාමාජිකයින් හැමෝම
> ඉවත්කරලා නැවත සම්බන්ධවෙන්න කටයුතු කලා. සමූහය විසුරුවනකොට සාමාජිකයින් 15ක්
> විතර හිටියට අළුතින් සම්බන්ධ වුනු අයත් එක්ක දැන් ඉන්නෙ 5 දෙනයි. මට හිතෙනවා
> මෙතනින් සමහර අය නැවත සම්බන්ධ නොවෙන්න තමන්ගෙ නම, e-mail, දුරකතන අංකය වගේ
> දේවල් ඉල්ලපු එකත් හේතු වෙන්න ඇති කියලා. ඒකයි මම මේක වෙනස් කරන්න ඕනෙද කියල
> ඇහුවේ.
>

ඒ අය නැවත සම්බන්ධ කරගන්න.


> ඒ වගේමයි සිංහල ගැන හොඳ දැනුමක් තියෙන අයත් ඉඳීම වැදගත්. මොකද අපේ සිංහල වලත්
> ගොඩක් අඩුපාඩු තියෙනවා. හොඳ සිංහල ගුරුවරයෙක් හෝ වෘත්තීමය සිංහල පරිවර්තකයෙක්
> සම්බන්ධ කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. අපිට තියෙන ප්‍රධානම ගැටළුව තමයි
> නිවැරදි සිංහල වියරණ හා තාක්ෂණික වචන වලට තියෙන සිංහල වචන නොදන්නා කම. වචන නම්
> ගොඩක් වෙලාවට සිංහල ඒවා නෑ; අපිටම හදන්න තමයි වෙන්නේ, මේ වගේ වෙලාවට හොඳ සිංහල
> උගතෙක් හිටියනං මල් හතයි! මං පුළුවන් උනොත් අපේ කැම්පස් එකේ සිංහල අංශයත් එක්ක
> කතා කරලා මේ ගැන උදව්වක් ගන්න බලන්නම්; ලොකු ෂුවර් එකක් දෙන්න අමාරුයි. ඒ
> හින්දා ඔයාලත් බලන්න. මොකද අපි අමතක කරන්න හොඳ නෑ මේ වගේ වැඩකදි අපි කරන පොඩි
> වැරැද්දක් උනත් අපේ භාෂාවට වදින මරු පහරක් කියලා!!!
>

හැබැයි ඉතිං "wave lenght" කියන එකට "තරංග දිග" වගේ සරල නමක් දාන්නෙ නැතිව
"තරංග ආයාමය" කියල නම් කරන්න යෝජනා කරපු වර්ගයේ අය නං නැතුවත් කමක් නෑ. කවදාවත්
ඒ ගැන අහපු නැති කෙනෙකුගෙ හිතට ටාර් ගාල වදින්නෙ "wave length" කියපුවමද, "තරංග
ආයාමය" කියපුවමද?

අන්න ඒ නිසා අධික දැනුවත් කට්ටියගේ උපදෙස් ගැනීමේදී සැලකිලිමත් වෙන්න
වෙනවා. මොකද නැත්නන් අපිට ඉතුරුවෙන්නේ සිංහල ගැඹුරටම හදාරපු අයටම විතරක් තේරෙන
පරිවර්තන ටිකක්!


> අපිට අපේ බ්ලොග්, facebook, වෙබ් අඩවි හා e-mail මගින් මේ වැඩේ ගැන පොඩි පොඩි
> දැනුවත් කිරීම් කරන්න පුළුවන් නේද? මොකද මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්න කැමති ඒත්
> මේවා ගැන දන්නෙ නැති අයත් ඉන්න පුළුවන්නේ! ඒ වගේමයි සුපුන් කිව්වා වගේ අපේ
> යාළුවන්වත් ඒ මගින් ඒ අයගෙ යාළුවන්වත් දැනුවත් කරන එකත් වටිනවා.
>

මම කියන්නේ එතරම් ප්‍රසිද්ධ නොකර අපි දන්න අඳුනන අයව පෞද්ගලික මට්ටමෙන් සම්බන්ධ
කර ගනිමු කියලා.

---

මේ ලියුමේ reply-to: එක තියෙන්නේ trueorcrazy@*****.com වලට, ඒක
ubuntu-l10n-si@xxxxxxxxxxxxxxxxxxx විය යුතුයි නේද? නැත්නම් මම එවන පිළිතුරු
අනිත් අයට පේන්නේ නැහැනේ.

-- 
Budhajeewa, Supun
---
budhajeewa@xxxxxxxxx

GIF image

GIF image


References